Suwa Arana

Lets make a Healthy Life

  • සිංහල
  • English
  • රුව වඩවන ක්‍රම
    • පාද
    • හිසකෙස්
    • සම
    • දෙතොල්
  • දිව ඔසු
    • පලතුරු
    • කුළුබඩු
    • ඔසු පැළ
  • ප්‍රතිකර්ම
  • ඔබේ දැනුමට
  • යෝග

දෙතොල්

රක්තහීනතාවයෙන්  මිදෙන්න

රක්තහීනතාවයෙන් මිදෙන්න

මෙන්න මේ දේවල් දේවල් පිළිපදින්න

Read More

රුධිරයේ හිමොග්ලොබින් නම් වූ සංයෝගය අඩු වූ විට ඇතිවන රෝගී තත්වය රක්තහීනතාවය කියන එක අපි කව්රුත් දන්නා දෙයක්. මෙහිදී හිමොග්ලොබින් සැදීමට නම් ආහාර වලින් ලැබිය යුතු සංඝටක වශයෙන් යකඩ, බී 12 විටමිනය, ෆෝලික් අම්ල, ප්‍රෝටීන් තිබීම වැදගත් බව නම් ඔබ ඒ හැටි නොදන්නවා විය හැකියි. ඉතින් මේ සංඝටක නිසි ආකාරයෙන් ඔබේ සිරුරට නොලැබීයාමෙන් රක්තහීනතාවයට ගොදුරු වීමට වැඩි ඉඩකඩක් පවතී. 

 

යකඩ වලින් පොහොසත් ආහාර ලෙස තෝර කොළ, තම්පලා, නිවිති, ගොටුකොල, බෝංචි වර්ග, කලා ආදිය දක්වන්න පුළුවන්. ෆෝලික් අම්ලය ශාක ආහාර වල බහුලව පවතී. රැගෙන ආ අලුත ගොටුකොල, මුකුණුවැන්න, කතුරුමුරුංගා සම්බෝල වශයෙන් ආහාරයට ගැනීමෙන් ඔබේ ශරීරයට පහසුවෙන්ම මෙම විටමිනය ලබා ගන්න පුළුවන්. විටමින් බී 12, සත්ව ආහාර වශයෙන් සැලකෙන මස්, මාළු, කිරි, බිත්තර ආහායට ගැනීමෙන් ශරීරයට ලබා ගන්න පුළුවන්. 

 

කාර්යබහුල ජිවිතයක් ගත කරන ඔබ උදැසන කෙටි ආහාර වේලකින් පමණක් සැහීමකට පත් වෙනවා නම් සමබල ආහාර වේලකට හුරුවෙන්න වෙනවා. ඒ වගේම ආහාර ගත් විගස තේ, කෝපි, පානය කිරීම, දුම් පානය, බුලත් විට කෑම නොකළ යුතුයි. ගැබිනි හා කිරි දෙන මව්වරුන් මේ තත්ත්වයෙන් වැළකෙන්න නම් කෙටි ආහාර වලින් වැලකි පෝෂ්‍යදායි ආහාර වේලකට හුරු විය යුතුයි. 

 

ප්‍රධාන ආහාර වේලකට පසුව කොළ පාට පලතුරු වර්ග ආහාරයට ගැනීම, විටමින් සී අඩංගු දෙහි, දොඩම් යුෂ පානය කිරීම, පලා වර්ග පිසීමේදී අධික ලෙස සේදීම හා පිසීමද නොකළ යුතුයි. ඒ වගේම එළවලු පලතුරු වර්ග දිගු කාලයක් අසුරා තැබීමද නොකළ යුතුයි.

 

ස්වභාවික නැවුම් එළවලු පලතුරු  ආහාරයට ගැනීම ශරීර සෞඛ්‍යට ඉතා ගුණ දේ. ඒ වගේම ඒවා කොළ පැහැති එළවලු පලතුරු වීමද වඩා වැදගත් වේ. 

 

මොනරකුඩුම්බිය, හාතාවාරිය, හීන්බෝවිටියා කැඳ මේ සඳහා ගුණදායක වේ. ඒ වගේම රකතහීනතාවයෙන් පෙලෙන රෝගියෙක් සඳහා ව්‍යංජන සකස් කිරීමේදී එළවළු වර්ග බොහෝ වේලා පිසිම නොකල යුතුය. 

 

ඉතින්, ඔබත් මෙම කෙටි ක්‍රම භාවිතා කර රක්තහීනතාවයෙන් ආරක්ෂා වෙන්න.

අවපැහැ දෙතොල සුන්දර කරන Tips

සුන්දර දෙතොලක් ඔබේ මුහුණට එක් කරන අලංකාරය කියල නිම කරන්න බැරි තරම්

Read More
අවපැහැ දෙතොල සුන්දර කරන Tips

 

දෙතොල් කියන්නේ මුහුණේ අලංකාරය වැඩි කරන ඉතාමත් සංවේදී ඉන්ද්‍රියක්. කාන්තාවන් විදිහට ඔබ දෙතොල් ගැන වැඩි අවදානයක් දීම වැදගත් වෙනවා. මොකද ඉරි  තැලුන, අවපැහැ ගැන්වුන දෙතොල් ඔබගේ මුහුණට සුන්දරත්වයක් නම් එක් කරන්නේ නැහැ. ඉතින් ඔබත් සුන්දර දෙතොලක හිමිකාරියක් වීමට සිහින දකිනවා නම් දෙතොල් පිළිබද සැළකිලිමත් වී, මේ උපදෙස් කිහිපය අත්හදා  බලන්න. ඔබටත් ටික දිනකින්ම පහසුවෙන්ම සුන්දර නිරෝගීමත් දෙතොලක් හිමිකර ගැනීමට හැකි වේවි. 

 

  • දෙතොල්වල නිරෝගී බව ආරක්ෂා කර ගැනීමට ජලය පානය කිරීම වැදගත් නිසා නිතර ජලය පානය කරන්න.
     
  • දෙතොල්වල මැරුණු සම ඉවත් කිරීමට ලුණු කුඩු ස්වල්පයක් හෝ දුබුරු සීනි ස්වල්පයක් දෙතොල් මත තබා මෘදුව පිරිමදින්න. මෙය දෙතොල් වලට කදිම ස්ක්‍රිබ් සත්කාරයකි.
     
  • කැරට් යුෂ, බීට් යුෂ ආලේප කරන්න.
     
  • සීනි බටර් සමග මිශ්‍ර කර ඝන ආලේපයක් ලෙස ආලේප කරන්න.
     
  • කහ කුඩු කිරි සමග  මිශ්‍ර කර තොල් වල ආලේප කරන්න. මෘදු දත් බුරුසුවක් ගෙන තොල් පිරිසිදු කරන්න. නැවත විනාඩි 2 -3 කට පසු නැවත මෘදුව පිරිසිදු කරන්න.
     
  • දිනපතා නින්දට පෙර විටමින් E ගල්වා මසාජ් කරන්න.
     
  • දබරගිල්ල තොල් අයිනේ තබා රවුමට මසාජ් කරන්න. ඉන් පසුව ඇතුල් පැත්තට මසාජ් කරන්න.
     
  • මී පැණි තොල්වල ආලේප කර පැය භාගයක් තිබෙන්නට හැර සෝදා හරින්න.  
     
  • ඇස් වල ආලේප කිරීමට යොදා ගන්න Eye cream ස්වල්පයක් රාත්‍රී නින්දට පෙර තොල් මත ආලේප කරන්න. 

Popular Posts

ගුණ සපිරි ගොරකා

ගුණ සපිරි ගොරකා

කැස්සට ගුණදෙන විස්මිත පානයක්

කැස්සට ගුණදෙන විස්මිත පානයක්

වතුර ගැන ඔබ දන්නේ මොනවාද.......

වතුර ගැන ඔබ දන්නේ මොනවාද.......

Recent Posts

රක්තහීනතාවයෙන්  මිදෙන්න

රක්තහීනතාවයෙන් මිදෙන්න

ඔබේ සමත් රැලි වැටිලද

ඔබේ සමත් රැලි වැටිලද

ආහාරවල ගුණ දැනගෙනම

ආහාරවල ගුණ දැනගෙනම

© 2026 Us. All Rights Reserved | Design by Us

© 2015 Coffee Break. All Rights Reserved | Design by W3layouts